නමෝ තේ පුරිසාජඤ්ඤ


නිර්වාණය වනාහි

භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. තෘෂ්ණාව ප්‍රහාණය කළ කල්හි නිර්වාණය අවබෝධ වේ. නිර්වාණය වනාහි නම් රාශියකින් හඳුන්වයි.

    * ඉපදීමක් නැති නිසා නිර්වාණය "අජාති" නම් වේ.
    * ජරාවක් නැති නිසා නිර්වාණය "අජර" නම් වේ.
    * ව්‍යාධියක් නැති නිසා නිර්වාණය "අව්‍යාධි" නම් වේ.
    * මරණයක් නැති නිසා නිර්වාණය "අමර" නම් වේ.
    * සෝකයක් නැති නිසා නිර්වාණය "අසෝක" නම් වේ.
    * පරිදේවයක් නැති නිසා නිර්වාණය "අපරිදේව" නම් වේ.
    * දුකක් නැති නිසා නිර්වාණය "අදුක්ඛ" නම් වේ.
    * දෝමනස්සයක් නැති නිසා නිර්වාණය "අදෝමනස්ස" නම් වේ.
    * උපායාසයක් නැති නිසා නිර්වාණය "අනුයාස" නම් වේ.
    * ආසව නැති නිසා නිර්වාණය "අනාසව" නම් වේ.
    * ගැඹුරු ධර්මයක් බැවින් නිර්වාණය "ගම්භීර" නම් වේ.
    * සතර මගඵල නුවණින් පමණක් දැනයුතු බැවින් නිර්වාණය "දුද්දස" නම් වේ.
    * දුක සේ අවබෝධ කළ යුතු බැවින් නිර්වාණය "දුරනුබෝධ" නම් වේ.
    * තර්කයෙන් නොදත හැකි බැවින් නිර්වාණය "අතක්කාවචර" නම් වේ.
    * මහා පණ්ඩිත උතුමන් විසින්ම දැකිය හකි බැවින් නිර්වාණය "පණ්ඩිත වේදනීය නම් වේ.
    * 108 වැදෑරුම් තණ්හාවන්ගේ කෙළවර බැවින් නිර්වාණය "අනන්ත" නම් වේ.
    * පරමාර්ථ සත්‍යයක් බැවින් නිර්වාණය "සච්ච" නම් වේ.
    * සංසාර සාගරයේ පරතෙර බැවින් නිර්වාණය "පාර" නම් වේ.
    * සාමාන්‍ය ණුවනට නොවැටහෙන බැවින් නිර්වාණය "නිපුණ" නම් වේ.
    * නිවන දැකගැනීමට අපහසු බැවින් නිර්වාණය "සුදද්දස" නම් වේ.
    * පඤ්චගති නැති බැවින් නිර්වාණය "අගති" නම් වේ.
    * ස්ථිරව පවත්නා බැවින් නිර්වානය "ධුව" නම් වේ.
    * ඇසට නොපෙනෙන බැවින් නිර්වාණය "අනිදස්සන" නම් වේ.
    * තණ්හාදී ප්‍රපඤ්ච නැති බැවින් නිර්වාණය "නිප්පප්ඤ්ච" නම් වේ.
    * නොසැලෙන බැවින් නිර්වාණය "අපලෝකිත" නම් වේ.
    * කෙලෙසුන්ගේ සංසිඳීම ඇති බැවින් නිර්වාණය "සන්ත" නම් වේ.
    * ඉතා ප්‍රණීත බැවින් නිර්වාණය "ප්‍රණීත" නම් වේ.
    * උවදුරු රහිත බැවින්නිර්වාණය "ඛේම" නම් වේ
    * භය නැති නිසා නිර්වාණය "සිව" නම් වේ.
    * මහත් විශ්මය ජනක බැවින් නිර්වාණය "අච්ඡරිය" නම් වේ
    * අපූරු දහමක් බැවින් නිර්වාණය "අබ්භූත" නම් වේ.
    * දුකක් නැති බැවින් නිර්වාණය "අනීතික" නම් වේ.
    * නිදුක් ස්වභාවයක් ඇති බැවින් නිර්වාණය "අනීතිකධම්ම" නම් වේ.
    * වෛරී බවක නොමැති බැවින් නිර්වාණය "අබ්‍යාපජ්ඣ" නම් වේ.
    * සියලු දුකින් මිදුනු බැවින් නිර්වාණය "මුත්ති" නම් වේ.
    * සංසාරයාගේ කෙළවර බැවින් නිර්වාණය "අච්චන්ත" නම් වේ.
    * කිසිවකු විසින් නොක්ළ බැවින් නිර්වාණය "අකත" නම් වේ.
    * මනා පිහිටක් බැවින් නිර්වාණය " පරායන" නම් වේ.
    * දුකින් මුදවන බැවින් නිර්වාණය "මොක්ඛ" නම් වේ.
    * තෘෂ්ණාව නැමැති ලණුව ලිහිල්ව යන බැවින් නිර්වාණය "නිබ්බාණ" නම් වේ.
    * නොපෙරලෙන බැවින් නිර්වාණය "අවිපරිණාම" නම් වේ.
    * සංසාර වට්ටයෙන් පැනගිය බැවින් නිර්වාණය "විවට්ට" නම් වේ.
    * හුදකලාව පවත්නා දහමක් බැවින් නිර්වාණය "කේවල" නම් වේ.
    * ආලය නොමැති බැවින් නිර්වාණය "අනාලය" නම් වේ.
    * සැමදෙනා යායුතු බැවින් නිර්වාණය "පද"නම් වේ.
    * විනාශ නොවන හෙයින් නිර්වාණය "අච්චුත" නම් වේ.
    * සකල විධ සංස්කාර ධර්මයන්ගේ පහවීම බැවින් නිර්වාණය " විමුක්ත" නම් වේ.
    * සසර බඳුම් මුදවන හෙයින් නිර්වාණය "විමුක්ති" නම් වේ.
    * කිසි කලෙක නිම නොවන බැවින් නිර්වාණය "අකඛං" නම් වේ.
    * රාගයෙන් නොඇලෙන බැවින් නිර්වාණය "විරාග" නම් වේ.
    * කෙලෙසුන්ගෙන් නිවුණු බැවින් නිර්වාණය "නිබ්බුත" නම් වේ.


නිරෝධ සත්‍ය අවබෝධ කළ බැවින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක. ඒ මාගේ බුදුරජාණන් වහන්සේට උත්තමාංග නමස්කාරය වේවා...

බාගතකිරීම්



අපගේ නව බාගතකිරීම් යොමුව ඔස්සේ දැන් ඔබට සදහම් පත්‍රිකා, ධර්ම දේශනා, පින්තූර, ආදිය ලබාගත හැක. තෙරුවන් සරණයි!!!

ආරභථ නික්ඛමත


ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
 ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො
අරඹන්න
නික්මෙන්න 
 බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
හස්ති රාජයෙකු බටවන‍ය සි‍‍-ඳින්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!

නමස්කාර වේවා!!



භුවනත්‍රය වාසී වූ සමස්ත සත්වයන්ගේ ප්‍රසාදෙන්ත්‍රයට විෂය වෙමින් පාදාන්තෙයහි පටන් කේෂාන්තය දක්වා සකල ශරීරය එකපැහැර සරහාසිටගත්තා වූ සුප්‍රතිෂ්ඨිතපාදාදී දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් හා එම දෙතිස් මහා පුරුෂලක්ෂයන් අනුව පවත්නා වූ තම්බ තුංග නඛාදී වූ අසූ අනුව්‍යංජන ලක්ෂණ ශ්‍රී ශෝභාවන් හේතුකොටගෙන විකසිත පද්මෝත්පල පුණ්ඩරීකාදීන් ප්‍රතිමණ්ඩිත වූ ජල තලාවක් සේ ද තාරකාතිකරයන්ගේ රශ්මි සමූහස්පර්ශයෙන් ඵූරිත වූ ගගන තලයක් සේ ද ස්ර්වස ඵාලිඵුලලිත වූ කුසුමයන්ගෙන් හොබනා ලද පාරිච්ඡත්තක නම් වෘක්ෂරාජයා සේ ද අතිශයින් සශ්‍රීකව බබළන්නාවූ උභයාංගයන් අතුරෙන් අධඃශරීරය වසා සරර්වඥවේශානුරූප කොට ත්‍රිමණ්ඩල චරප්‍රතිච්ඡාදනාකාරයෙන් අඳනා ලද ලාක්ෂාරසරාශියක් සේ අතිරක්ත වූ දෙපටඅඳනාසිවුරෙකින් හා මතුමත්තෙහි බඳනා ලද ස්වර්ණ විද්යුල්ලතාවක් හා සමාන මනහර ච්පටීධාතුවකින් හා එසේම ඌර්ධ්ව ශරීරය වසා ඒකාංස කොටඳනා ලද සන්ද්යා වලා පටලයක් සූරක්තවරපාංශුකූලචීවරයෙකින් හා ියශිරෝධාතුව මැදින් රත්නප්රමාණයක් නැගී දීප්තිමත්ව බබළන කේතුමාලාලංකාරයෙකින් හා සියලඟින් නික්ම සක්වළගැබ පුරමින් දසදිගැ දුවන්නා වූ නීලපීතලෝහිතාවදාතමාඤ්ජෙෂ්ඨප්රභාස්වර යැයි කියන ලද සවනක් ඨඝනබුද්ධරශ්මි මාලා සමූහයකින් වර්ණව හාත්පස්හි වටා සිටගත්තා වූ ඛ්යාමප්රභාමණ්ඩලය කරණකොට ගෙන සන්ධ්යා වලා පටලයෙන් හා දෙව්දුන්නෙන් සැරහුනාවූ ස්වර්ණගිරිශිඛරය සේ උත්කෘෂ්ට වශයෙන් දක්වන ලද බසනිසර්ගශෝභාවිශේෂයෙන් විචිත්රචක්රරත්නාදී වූ අනේකප්රකාර රත්නජාතයන්ගේද සියලු දිව් බ්රහ්ම ගරුඬ ගන්ධර්ව සිද්ධවිද්යාධරාදීන්ගේද  සකලශ්රීසෝභාවන් එකපැහැර නිශ්ශෝභා කෙරෙමින් උපමාවිශයාතික්රාන්ත වූ සාතිශය සහිත විලාසශ්රීන් දසදික් හොබවා බබළන්නාවූ අශ්ටාදශ හස්තප්රමාණ වූ රූපකායසම්පත්තියක් හා තවද ප්රඥා සම්පන්න ජනයන්ගේ ණුවන නැමැති නේත්රයට විෂය වෙමින් මනඃප්රසාදය උපදවා තුන් ලොව්හි පැතිර පවත්නාවූ " ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො" යනාදී නවපෙදෙහි සංගෘහිතව සිටි ෂට්අසාධාරණඥානය, අෂ්ටවිද්යා, පසළොස්චරණධර්මය, අෂ්ටාදශආවේණිකධරමය, චුද්දසබුද්ධඥානය, ෂට් අභිඥාය, දශ බලය, සතරවෛශාරද්යය, සිවුපිලිසිඹියා , යනාදී වූ අනන්තාපරිමාණ කලණගුණ සමූහ නැමැති ධර්මකායසම්පත්තියක් ඇත්තා වූ තමන්වහන්සෙගේ රමරූපශබ්දගුණවිශේෂ තාක් දුටුදුටුවන් ඇසූ ඇසූවන් සිතුසිතූවන් ඇස් නිවමින් කන් නිවමින් සිත් නිවමින් වැඳපිදූවන්ට එකහෙලා දෙව්මිනිස් සැපත් හා නිවන්සැපත් සාදා දේම් වශයෙන් සියලු ලෝවැසියන් ජාති කාන්තාරාදීන් තරණය කොට අමා මහ නිවන් නැමැති ශාන්තිපුරයට පමුණුවන හෙයින් ශාස්තෘ නම් වූ සර්වඥයන්වහන්සේගේ ශ්රී පාද යුග්මයට නමස්කාර කරමි. සාදු! සාදු! සාදු!


  

ඔබ හා අප



මෙම බ්ලොග් අඩවිය සියලු දෙනා තුල පහන් සිත් ඇතිකිරීම උදෙසා සදහම් කතිකාවතකට මුල පිරීමක් වශයෙන් ආරම්භ කරන ලදි.