යමෙකු විසින් තමාට උපකාරයක් කරනලද්දේ නම් එම උපකාරයට ප්ර්ති උපකාරයක් කිරීම කළගුණ සැලකීම හෙවත් කෘතගුණ සැලකිම ලෙස හැඳින්වේ. කළගුණ සලකන්නෝ සමාජයේ ඉතාමත්ම විරල බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. අංගුත්තර නිකායේ තෙවන පණ්‌ණසකයේ අනායික වර්ගයේ දුල්ලභ පාතිභව සූත්රේයේ “තිණ්‌ණං භික්‌ඛවේ පාතුභාවො දුල්ලභෝ ලෝකස්මිං” යනුවෙන් මහණෙනි, ලෝකයේ දුර්ලභ කරුණු තුනක් ඇත.
- පළමුවැන්න - සම්මා සම්බුදුවරයෙකුගේ ලොව පහළ වීමයි.
- දෙවැන්න - තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය ඒ අයුරින් දේශනා කරන පුද්ගලයෝය.
- තෙවැන්න - කළ දේ දන්නා වූ කළ දේ මතක ඇත්තා වූ කළගුණ සලකන්නා වූ පුද්ගලයෝය.
යනුවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කොට ඇත. “කතඤ්ඤූ කතවේදි පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං” යනුවෙන් දක්වා ඇත්තේ, ලෝකයේ මිනිසුන් තුළ කළ ගුණ සැලකීම කියන උතුම් ගුණය ඉතා දුර්ලභ බවයි.
උන්වහන්සේ දේශනා කිරිමෙන් පමණක් නොව ක්රිළයාවෙන්ද කළගුණ සැලකීම කෙතරම් උතුම් ගුණාංගයක්‌ද යන බව පෙන්වා දුන් සේක.
ඇසතු වෘක්ෂරය බුදුරජාණන් වහන්සේට උපකාර වූයේ, ඉතා සුළු කාලයකි. සාමාන්යක කෙනකු සිතන්නට පුළුවන් ඒ ගස කරපු උපකාරය මොකක්ද කියලා ඇයි? මිනිසුන් ගමන් බිමන් යන විට අතරමග නතර වන්නේ හොඳට සෙවණ තිබෙන ගසක් මුල නේ? සමහර දෙනා ඒ රුක් සෙවණේ විවේකයෙන් හිඳ එතනින් යන විට මේ ගස අපට කොච්චර පිහිටක් වුණා ද කියලා හිතන්නෙවත් නැහැනේ. ගස තමාට උපකාරයක් කළා කියා සිතන්න තරම් සත්පුරුෂ ගුණයක් සමහර අයට නැහැ. සමහරු එතනින් යන්නේ ගසේ කොළ අතුත් කඩා දමා අපිරිසුදු බවට ද පත් කරමින්. එවැනි ආත්මාර්ථකාමී සමාජයක බුදුරජාණන් වහන්සේ අජීවී වෘක්ෂයකට කළගුණ දැක්වීමක් වශයෙන්, සතියක් පුරා ඒ කළ උපහාර දැක්වීම කොතරම් උත්කෘෂ්ට ක්රිීයාවක් ද?
තම මෑණියන් වහන්සේ ජීවත්ව නොසිටියත් තුසිත දිව්යඅ ලෝකයට වැඩම කර තුන් මසක් පුරාවට මාතෘ දිව්යවරාජයාට අභිධර්මය දේශනා කර තම මෑණියන්ව සෝවාන් ඵලයෙහි පිහිටවූ සේක. බුදු බව ලැබීමෙන් අනතුරුව පළමුව ධර්මය දේශනා කිරීම සඳහා තම ගුරුවරු සෙවූහ. ඔවුන් නැති බව දැනගත් පසු තමාට උපකාර කළ පස්වග මහණුන් සොයා බරණැස ඉසිපතනයට වැඩමකර ප්රහථම ධර්ම දේශනාව පැවැත්වූහ.
ලොවිතුරා බුද්ධත්වයට පත්වීම උදෙසා පාරමී පුරන සමයේ පටන් මහා බෝධි සත්වයන් වහන්සේ ළඟම හිඳමින් අනේක කැප කිරීම් සිදුකරමින් උන්වහන්සේට අනුග්රනහ කළා වූ යම් කෙනෙක් වෙත්ද? ඒ රාහුල මාතා නම් යසෝධරාවයි. යශෝධරා දේවිය සිදුහත් කුමාරයා ගිහිගෙය හැරගිය දින සිට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගතකරන්නා වූ ශූෂ්ක ප්රදතිපත්ති අනුව යමින් සිල්වත්ව දුෂ්කර ප්රණතිපත්තියෙහි යෙදී සිටියාය. බුද්ධත්වයට පත්ව බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර වැඩම කර සුදොවුන් රජතුමා ඇතුළු පිරිසට දහම් දෙසුවත් එම ස්ථානයට යශෝධරා දේවිය පැමිණියේ නැත. එහෙත්, බුදුරජාණන් වහන්සේ ඇය පෙර තමන් වහන්සේ පාරමී පුරන සමයෙහි පටන් අවසන් භවය දක්වාම උපකාර කළ ආකාරය සිහිකොට, අග්රද ශ්රානවකයන් වහන්සේලා දෙනමත් සමග යසෝධරාව හුන් ස්ථානයට වැඩි සේක. මේ ආදී වශයෙන් උන්වහන්සේ කළ ගුණ සැලකීම පිළිබඳ ආදර්ශවත් වූහ.
‘බුද්ධ මාතා’ නම් ගෞරව නාම ලත් මහා ප්රවජාපති රහත් මෙහෙණින් වහන්සේ එකසිය විසිවන වසරේදී ආයු සංස්කාරය හළ අතර එතුමිය සමගම පිරිනිවන් පාන බව පැවසූ භික්ෂුණීන් පිරිස පිරිවරාගත් එතුමිය ශාන්ත ගමනින් කුටාගාර ශාලාවට පැමිණ බුදු සිරිපා නමදිමින් “ළදරු කළ සිට හැදු අයුරුත්, යම් දොසක් වීනම් සමාව දෙන ලෙසත්, යළි යළිත් පැවිද්ද ඉල්ලීම ගැනද සමාව දෙන ලෙසත් අයැදුහ’. බුදු කෙනෙකුන් කවුරු වෙනුවෙන් වත් කිසි කළෙක පසු පසින් ගමන් කිරීමක් නොකරන්නේය. බුදුහිමි අවසර පරිදි අසිරිමත් පෙළහර පා අවසන් වරටද සිරිපා වැඳ පිරිනිවන් පෑමට පන්සියයක් භික්ෂුණින් සමග අරම වෙත පිටත් වූ අතර භාග්යසවතුන් වහන්සේ ඇය පසුපස මද දුරක් වැඩම කළේ බුද්ධ මාතාවට කෘතගුණ දැක්වීම් වශයෙනි. එදිනට පිරිනිවන් පෑ එම භික්ෂුනින් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවය බුදුරජාණන් වහන්සේගේ සහභාගිත්වයෙන් අසිරිමත් අන්දමින් සිදුවූයේය. බුදු කෙනෙකුන්ගේ ගුණ ශ්රේ ෂ්ඨම වන්නේ ය.
• බුදුන් වහන්සේ විසින් ලෝකයාට කළ ගුණ සැළකීමේ වටිනාකම ඉගැන්වූ භද්රිවතිකා ඇතින්න ගැනද සඳහන් කළ යුතුමය.
.
බුදුන් වහන්සේ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සමයෙහිදී පිඬු පිණිස කොසඹෑ නුවරට වැඩියා. එවිට කුණු කමින් අයාලේ යමින් අසරණව සිටි මහලු භද්රවවතිකා ඇතින්න බුදුරදුන් දැක උන්වහන්සේ වෙත පැමිණ පා මුල වැටී දුක අඟවා කඳුළු වැගිරුවාය. ඒ ඇතින්න උදේන රජුට මහත් මෙහෙයක් කොට මහලු වූ තැනැත්තියක්. රජුගේ සටන් වලදී දිවි නොතකා ඒ ඇතින්න රජුට කළ සේවයෙහි අගය අපමණයි. මහලු වූ විට රජු විසින් ඇයට නොසලකා අයාලේ යන්නට හැර ඇත. බුදුන්වහන්සේ ඒ ඇතින්නට සිදු වී ඇති විපත වටහා ගෙන ඒ දුකට පිහිට වන බැව් පවසා ඇය සැනසූ සේක.
.
බුදුන් වහන්සේ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සමයෙහිදී පිඬු පිණිස කොසඹෑ නුවරට වැඩියා. එවිට කුණු කමින් අයාලේ යමින් අසරණව සිටි මහලු භද්රවවතිකා ඇතින්න බුදුරදුන් දැක උන්වහන්සේ වෙත පැමිණ පා මුල වැටී දුක අඟවා කඳුළු වැගිරුවාය. ඒ ඇතින්න උදේන රජුට මහත් මෙහෙයක් කොට මහලු වූ තැනැත්තියක්. රජුගේ සටන් වලදී දිවි නොතකා ඒ ඇතින්න රජුට කළ සේවයෙහි අගය අපමණයි. මහලු වූ විට රජු විසින් ඇයට නොසලකා අයාලේ යන්නට හැර ඇත. බුදුන්වහන්සේ ඒ ඇතින්නට සිදු වී ඇති විපත වටහා ගෙන ඒ දුකට පිහිට වන බැව් පවසා ඇය සැනසූ සේක.
බුදුන් වහන්සේ සංඝයා පිරිවරාගෙන උදේනි රජුගේ මාළිගයට වැඩි සේක. රජු උන්වහන්සේලා මහත් හරසරින් පිළිගෙන දන්පැන් පිළිගැන්වූවා. දන් වළඳා අවසන බුදුන් වහන්සේ "මහරජ, ඔබගේ භද්රිවතිකා ඇතින්න කොහිද?"යි විචාළ සේක.
"නොදනිමි ස්වාමීනි" යනු රජුගේ පිළිතුර විය.එබසට බුදුන් වහන්සේ රජුට මෙසේ වදාළා."මහරජ, තමන්ට උදව් උපකාර කළ ඇත්තන්, වැඩිහිටියන්, මහලු වී ගිය කළ අතහැර දැමීම, නොසළකා හැරීම යුතුකම නොවේ. ඒ ඇත්තන්ගෙන් මෙහෙයක් ලැබෙන කාලයටත් වඩා උසස් ලෙසින් ඔවුන් බැරි ගැහී ගිය කල්හි සැලකුම් දැක්වීමයි, උතුමන්ගේ සිරිත. දැන් ඒ ඇතින්න මහලුයි. අබල දුබලයි. ඒ ඇතින්න නොසලකා හැරීම ඔබට තරම් නොවෙයි. ඔබගේ යුතුකම වන්නේ පෙර පරිද්දෙන්ම ඇයට සැලකීමයි."උදේන රජු බුදුන්වහන්සේගේ උපදෙස පිළිගෙන භද්ර වතිකාව ගෙන්වාගෙන ඇයට පෙරටත් වඩා සැලකිලි සිදු කළේය
.
මීට අමතරව පාරිලෙයිය හස්තියා වෙනුවෙන්ද බුදුන් වහන්සේ කෘතගුණ දැක්වූ සේක. ලිපිය දිර්ඝ වන බැවින් ඒ පිළිබඳ විස්තර පසු කලෙක ලියමි.
.
මීට අමතරව පාරිලෙයිය හස්තියා වෙනුවෙන්ද බුදුන් වහන්සේ කෘතගුණ දැක්වූ සේක. ලිපිය දිර්ඝ වන බැවින් ඒ පිළිබඳ විස්තර පසු කලෙක ලියමි.
සැරියුත් මහරහතන් වහන්සේ ද කළ ගුණ දන්නා උතුම් සත්පුරුෂයෙකි. උන්වහන්සේට ධර්මය පහදා දුන් අස්සජි මහ රහතන් වහන්සේට දිනපතා කොතනක වැඩසිටියත් එදෙසට හැරී වැඳ නමස්කාර කිරීම උතුම් චාරිත්රමයක්ව තිබුණා. මිථ්යා් දෘෂ්ටිකව සිටි තම මෑණියන් සම්යාක්දෘෂ්ටියට පත් කළහ. එසේම උන්වහන්සේට පිණ්ඩපාතය සඳහා බත් හැන්දක් පූජා කළ රාධ බමුණාට කළ හැකි සෑම උපකාරයක්ම සිදු කළහ. එවැනි කළ ගුණ සැලකූ චරිත, බුද්ධ ශාසනය තුළ බහුල ලෙස දැක ගැනීමට හැකි ය.
සාම ජාතකයේ එන ආකාරයට සාම කුමාරයාගේ දිවි බේරා ගැනීමට හැකිවූයේ මවුපියන්ට සැලකූ නිසාය. එසේම තමාගේ ජීවිතය සාර්ථක කරගන්නට විවිධාකාර වශයෙන් අවවාද අනුශාසනා දුන් ගුරුභවතුන් කිසි දිනක අමතක නොකළ යුතු යග තමන්ට හැකි ආකාරයෙන් ඔවුන්ට ගරුසත්කාර කළ යුතු යග ඒ තුළින් තමාට විශේෂ ආශිර්වාදයක්, පිනක් ලැබෙනු ඇත.
මෙහෙ විශේෂයෙන් දැක්විය යුතු කරුණක්ද ඇත. එනම් මාතුපෝසක ජාතකයෙහි අප මහා බෝසතාණන් තම මෑණියන්ට උපස්ථාන කරමින් සිට තම මව් සමග නැවි නැග වෙළඳාමිහි යන විට නැව මුහුඳුබත් වු වෙලාවේ තමාව ලොවට බිහිකළ තම මව කරපිටින් තබාගෙන දින සතක් ගැඹුරු මහා සාගරයේ පිහිනා මෑනියන්ව බේරාගත් පසු මව තම පුතුට පළමු විවරණය ලබා දුන්නේ ‘මගේ පුතාට බුදුබව ලැබේවා’ යනුවෙනි. මේ බුදු බව යන වචනය එදා එම තරුණයාගේ මනසට තදින්ම කා වැදී ගිය අතරල ඒ පිළිබඳ විමසමින් ඒ සඳහා අවශ්යව කරුණු ගවේෂණය කර බුද්ධ කාරක ධර්ම හෙවත් පාරමිතා පිරීමට මූලාරම්භ කරමින් බුද්ධාංකුර මූල බීජය ස්ථාපිත වූයේ මවට කරන ලද කාතගුණ සැලකීම මුල් කොටගෙනය. මේ නිසා ලොවුතුරු බුද්ධ රාජ්‍යයට පත් වූ පසු මවුපිය ගුණ මහිමය අමතක නොකර ලෝකයාට එහි වටිනා බව වඩාත් තහවුරු කර දුන් සේක.
වසල සූත්රුයේ සඳහන් ආකාරයට කිසි වැඩක් පලක් කරගත නොහැකි වයසක මවුපියන්ට සළකන්නට හැකියාව තිබියදීත් නොසලකා හරී නම් ඔහු වසලයෙක් බව දක්වා ඇතග ඒ පුද්ගලයාට කිසිදාක සැපක් සතුටක් හිමිනොවනු ඇත.
‘මහා අස්සාරෝහ’ ජාතක කථාවේ එම රජතුමාට එක් පුද්ගලයකු කළ උපකාරයට දෙගුණ තෙගුණ වන්නට බෝධි සත්වයන් වහන්සේ ප්රාතිඋපකාර කළ බව සඳහන් වෙයි' මේ, එහි එන ගාථාවකි.
‘මහා අස්සාරෝහ’ ජාතක කථාවේ එම රජතුමාට එක් පුද්ගලයකු කළ උපකාරයට දෙගුණ තෙගුණ වන්නට බෝධි සත්වයන් වහන්සේ ප්රාතිඋපකාර කළ බව සඳහන් වෙයි' මේ, එහි එන ගාථාවකි.
“යස්ස රුක්ඛස්ස ඡායාය
නිසීදෙය්යර සයෙය්යේවා
න තස්ස පත්තං භින්දෙය්ය්
මිත්ත දුබ්භෝහි පාපකෝ”
නිසීදෙය්යර සයෙය්යේවා
න තස්ස පත්තං භින්දෙය්ය්
මිත්ත දුබ්භෝහි පාපකෝ”
යම් ගසෙක සෙවණ යට යමෙක් හිඳගත්තේ හෝ සයනය කළේ හෝ වේදරෑ ඔහු විසින් එම ගසේ කොළයක්වත් නොකැඩිය යුතු යග කොළ කැඩුවොත් ඔහු මිත්රහද්රෝවහියෙකු යනුවෙන් දක්වා ඇත. එසේ නම් කෙනෙකු තමන්ට කළ උපකාරයට කෙසේ ප්රොතිඋපකාර කළ යුතු ද?
කළ ගුණ සැලකිම පිළිබඳව තවත් බොහෝ වටිනා දේ බුද්ධ චරිතය තුල පවතී. සංක්ෂිප්ත කරුණු ස්වල්පයක් මෙහි දැක්වුයෙමි.
යථාවාදි - තථාකාරි ගුණයෙන් යුත් අප භාග්යනවතුන් වහන්සේ විසින් අගය කළා වූ කෘතගුණ සැලකීමේ වටිනාකම තමන් වහන්සේගේ උත්තම චරිතයෙන් ලෝකයාට මනාකොට පෙන්වා වදාළ සේක. එවන් මහා ගුණයන්ගෙන් පරිපූර්ණ වූ උත්තමයෙකු සරණ ගියා වූ අපද මහත් පින්වන්තයෝමය. එවන් මහත් ගුණ ඇත්තා වූ අප සම්මා සම්බුදු පියාණන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය වේවා..!!!!
එක්වන්න අප සමග - ශ්‍රී සද්ධර්ම