ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු කුමක්ද?




සංයුත්ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුත්තයේ අවිජ්‌ජා වර්ගයට අයත් විභඞග සූත්‍රය.


පින්වත් මහණෙනි, ඔබලාට ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කරන්නෙමි. එය අසව්. මැනවින් මෙනෙහි කරව්. ස්වාමීනි, එසේය. මහණෙනි ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය යි.

පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය නම් කුමක් ද?

දුකෙහි යම් දැනීමක්, දුක හටගැනීමෙහි යම් දැනීමක්, දුක නැති කිරීමෙහි යම්                    දැනීමක් හා දුක නැති කිරීමට යන පිළිවෙතෙහි යම් දැනීමක් වේ නම් මහ‍ණෙනි, එය          සම්මා දිට්ඨි යැයි කියනු ලැබේ.  

පින්වත් මහණෙනි, සම්මා සංකප්ප නම් කුමක් ද?

යම් නෙක්ඛම්ම සංකල්පයක්, අව්‍යාපාද සංකල්පයක්, අවිහිංසා සංකල්පයක් වේ            නම් මහණෙනි, එය සම්මා සංකප්ප යැයි කියනු ලැබේ.

පින්වත් මහණෙනි, සම්මා වාචා නම් කුමක් ද?

මහණෙනි, බොරු කීමෙන් වැළකීම, පිසුනු වදනින් වැළකීම, රළු වදනින් වැළකීම,           හිස් වදනින් වැළකීම යන මේවා සම්මා වාචා යැයි කියනු ලැබේ.

පින්වත් මහණෙනි, සම්මා කම්මන්තය නම් කුමක් ද?

මහණෙනි, පරපණ නැසීමෙන් වැළකීම, නුදුන් දෙය සොර සිතින් ගැනීමෙන් වැළකීම, අභ්‍රහ්ම චර්යාවෙන් වැළකීම යන මේවා සම්මා කම්මන්ත යැයි කියනු               ලැබේ.

පින්වත් මහණෙනි, සම්මා ආජීවය නම් කුමක් ද?

මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවකයා වැරදි දිවි පෙවෙත හැර යහපත් දිවි පෙවෙතින්               ජීවිකාව කෙරෙයි. මහණෙනි, මෙය සම්මා ආජීවය යි කියනු ලැබේ.

පින්වත් මහණෙනි, සම්මා වායාමය නම් කුමක් ද?

මෙහි භික්ෂු නම නූපන් පවිටු අකුසල් නොඉපදවීම පිණිස රුචිය දක්වයි, වෑයම්                    කරයි, වීර්ය කරයි, දැඩිව ඉටා ගනියි, කෙළෙස් දවන වීර්ය කරයි.

උපන් පවිටු අකුසල් දුරු කිරීම පිණිස රුචිය දක්වයි, වෑයම් කරයි, වීර්ය  කරයි,                     දැඩිව ඉටා ගනියි, කෙළෙස් දවන වීර්ය කරයි.

නූපන් කුසල් ඉපදවීම පිණිස පිණිස රුචිය දක්වයි, වෑයම් කරයි, වීර්ය කරයි, දැඩිව               ඉටා ගනියි, කෙළෙස් දවන වීර්ය කරයි.

උපන් කුසලයන්ගේ පැවැත්ම පිණිස පිරිපුන් බව පිණිස පිණිස රුචිය දක්වයි, වෑයම්             කරයි, වීර්ය කරයි, දැඩිව ඉටා ගනියි, කෙළෙස් දවන වීර්ය කරයි.

මහ‍ණෙනි, මෙය සම්මා වායාමය යි කියනු ලැබේ.

පින්වත් මහණෙනි, සම්මා සතිය නම් කුමක් ද?

මෙහි භික්ෂු නම කයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා                   නුවණැතිව, සිහි ඇතිව, කාය ලෝකයෙහි දැඩි ලෝබය හා දොම්නස දුරුකොට                 වාසය කරයී.

වේදනාවන්හි වේදනා අනුව බලමින් කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා නුවණැතිව, සිහි ඇතිව, වේදනා ලෝකයෙහි දැඩි ලෝබය හා දොම්නස දුරුකොට               වාසය කරයී.

සිත්හි සිත් අනුව බලමින් කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා නුවණැතිව, සිහි ඇතිව, චිත්ත ලෝකයෙහි දැඩි ලෝබය හා දොම්නස දුරුකොට වාසය කරයී.

දහම්හි දහම් අනුව බලමින් කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා නුවණැතිව, සිහි                   ඇතිව, ධම්ම ලෝකයෙහි දැඩි ලෝබය හා දොම්නස දුරුකොට වාසය කරයී.

මහණෙනි, මෙය සම්මා සතිය යැයි කියනු ලැබේ.

පින්වත් මහණෙනි, සම්මා සමාධි නම් කුමක් ද?

මෙහි භික්ෂු නම කාමයන්ගෙන් වෙන්ව ම අකුසලයන්ගෙන් වෙන්ව ම විතර්ක විචාර         සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුවය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි.

විතර්ක විචාර සන්සිඳීමෙන් ඇතුලත පැහැදිම ඇති, සිතේ එකඟ බව ඇති විතර්ක             විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන ධ්‍යානයට පැමිණ                   වෙසෙයි.

ප්‍රීතියද වැළකීමෙන්, උපේක්ෂා ද ඇතිව වෙසේ. සිහි ද ඇතිව මනා දැනුම ඇතිව,               කයින් සුවත් විඳී. උතුම් අය යමක් නිසා "උපේක්ෂා ඇත්තෙකි, සිහි ඇත්තෙකි, සුව               විහරණ ඇත්තෙකි" යි කියත් ද ඒ තෙවන ධ්‍යානයට පැමිණ වෙසෙයි. 

       සුව දුක් දුරු කිරිමෙන් පෙරම සොම්නස හා දොම්නස පහව යාමෙන් නොදුක්                      නොසුව උපේක්ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිව්වන ධ්‍යානයට              පැමිණ වෙසෙයි.

මහණෙනි මෙය සම්මා සමාධිය යි කියනු ලැබේ.




  


Share this

Related Posts

Previous
Next Post »