නමස්කාර වේවා!!
භුවනත්රය වාසී වූ සමස්ත
සත්වයන්ගේ ප්රසාදෙන්ත්රයට විෂය වෙමින් පාදාන්තෙයහි පටන් කේෂාන්තය දක්වා සකල
ශරීරය එකපැහැර සරහාසිටගත්තා වූ සුප්රතිෂ්ඨිතපාදාදී දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් හා
එම දෙතිස් මහා පුරුෂලක්ෂයන් අනුව පවත්නා වූ තම්බ තුංග නඛාදී වූ අසූ අනුව්‍යංජන
ලක්ෂණ ශ්‍රී ශෝභාවන් හේතුකොටගෙන විකසිත පද්මෝත්පල පුණ්ඩරීකාදීන් ප්‍රතිමණ්ඩිත වූ
ජල තලාවක් සේ ද තාරකාතිකරයන්ගේ රශ්මි සමූහස්පර්ශයෙන් ඵූරිත වූ ගගන තලයක් සේ ද
ස්ර්වස ඵාලිඵුලලිත වූ කුසුමයන්ගෙන් හොබනා ලද පාරිච්ඡත්තක නම් වෘක්ෂරාජයා සේ ද අතිශයින්
සශ්‍රීකව බබළන්නාවූ උභයාංගයන් අතුරෙන් අධඃශරීරය වසා සරර්වඥවේශානුරූප කොට ත්‍රිමණ්ඩල
චරප්රතිච්ඡාදනාකාරයෙන් අඳනා ලද ලාක්ෂාරසරාශියක් සේ අතිරක්ත වූ දෙපටඅඳනාසිවුරෙකින් හා මතුමත්තෙහි බඳනා ලද ස්වර්ණ විද්යුල්ලතාවක් හා සමාන මනහර ච්පටීධාතුවකින් හා එසේම ඌර්ධ්ව ශරීරය වසා ඒකාංස කොට අඳනා ලද සන්ද්‍යා වලා පටලයක් සූරක්තවරපාංශුකූලචීවරයෙකින් හා ියශිරෝධාතුව මැදින් රත්නප්රමාණයක් නැගී දීප්තිමත්ව බබළන කේතුමාලාලංකාරයෙකින් හා සියලඟින් නික්ම සක්වළගැබ පුරමින් දසදිගැ දුවන්නා වූ නීලපීතලෝහිතාවදාතමාඤ්ජෙෂ්ඨප්රභාස්වර යැයි කියන ලද සවනක් ඨඝනබුද්ධරශ්මි මාලා සමූහයකින් වර්ණව හාත්පස්හි වටා සිටගත්තා වූ ඛ්යාමප්රභාමණ්ඩලය කරණකොට ගෙන සන්ධ්‍යා වලා පටලයෙන් හා දෙව්දුන්නෙන් සැරහුනාවූ ස්වර්ණගිරිශිඛරය සේ ද උත්කෘෂ්ට වශයෙන් දක්වන ලද බසනිසර්ගශෝභාවිශේෂයෙන් විචිත්රචක්රරත්නාදී වූ අනේකප්‍රකාර රත්නජාතයන්ගේද සියලු දිව්‍ය බ්‍රහ්ම ගරුඬ ගන්ධර්ව සිද්ධවිද්යාධරාදීන්ගේද සකලශ්රීසෝභාවන් එකපැහැර නිශ්ශෝභා කෙරෙමින් උපමාවිශයාතික්රාන්ත වූ සාතිශය සහිත විලාසශ්රීන් දසදික් හොබවා බබළන්නාවූ අශ්ටාදශ හස්තප්රමාණ වූ රූපකායසම්පත්තියක් හා තවද ප්‍රඥා සම්පන්න ජනයන්ගේ ණුවන නැමැති නේත්‍රයට විෂය වෙමින් මනඃප්රසාදය උපදවා තුන් ලොව්හි පැතිර පවත්නාවූ " ඉතිපි සො භගවා අරහං
සම්මාසම්බුද්ධො" යනාදී නවපෙදෙහි සංගෘහිතව සිටි ෂට්අසාධාරණඥානය, අෂ්ටවිද්‍යා, පසළොස්චරණධර්මය, අෂ්ටාදශආවේණිකධරමය, චුද්දසබුද්ධඥානය, ෂට් අභිඥාය, දශ බලය, සතරවෛශාරද්යය, සිවුපිලිසිඹියා ය, යනාදී වූ අනන්තාපරිමාණ කලණගුණ සමූහ නැමැති ධර්මකායසම්පත්තියක් ඇත්තා වූ තමන්වහන්සෙගේ රමරූපශබ්දගුණවිශේෂ තාක් දුටුදුටුවන් ඇසූ ඇසූවන් සිතුසිතූවන් ඇස් නිවමින් කන් නිවමින් සිත් නිවමින් වැඳපිදූවන්ට එකහෙලා දෙව්මිනිස් සැපත් හා නිවන්සැපත් සාදා දේම් වශයෙන් සියලු ලෝවැසියන් ජාති කාන්තාරාදීන් තරණය කොට අමා මහ නිවන් නැමැති ශාන්තිපුරයට පමුණුවන හෙයින් ශාස්තෘ නම් වූ සර්වඥයන්වහන්සේගේ ශ්‍රී පාද යුග්මයට නමස්කාර කරමි. සාදු! සාදු! සාදු!
Subscribe to:
Posts (Atom)