නිර්වාණය වනාහි
ඒ
භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ
කටයුතු නිර්වාණය ප්‍රත්‍යක්ෂ
කළ බැවින් සම්මා සම්බුද්ධ
නම් වන සේක.
තෘෂ්ණාව
ප්‍රහාණය කළ කල්හි නිර්වාණය
අවබෝධ වේ.
නිර්වාණය
වනාහි නම් රාශියකින් හඳුන්වයි.
*
ඉපදීමක්
නැති නිසා නිර්වාණය "අජාති"
නම්
වේ.
*
ජරාවක්
නැති නිසා නිර්වාණය "අජර"
නම්
වේ.
*
ව්‍යාධියක්
නැති නිසා නිර්වාණය "අව්‍යාධි"
නම්
වේ.
*
මරණයක්
නැති නිසා නිර්වාණය "අමර"
නම්
වේ.
*
සෝකයක්
නැති නිසා නිර්වාණය "අසෝක"
නම්
වේ.
*
පරිදේවයක්
නැති නිසා නිර්වාණය "අපරිදේව"
නම්
වේ.
*
දුකක්
නැති නිසා නිර්වාණය "අදුක්ඛ"
නම්
වේ.
*
දෝමනස්සයක්
නැති නිසා නිර්වාණය "අදෝමනස්ස"
නම්
වේ.
*
උපායාසයක්
නැති නිසා නිර්වාණය "අනුයාස"
නම්
වේ.
*
ආසව
නැති නිසා නිර්වාණය "අනාසව"
නම්
වේ.
*
ගැඹුරු
ධර්මයක් බැවින් නිර්වාණය
"ගම්භීර"
නම්
වේ.
*
සතර
මගඵල නුවණින් පමණක් දැනයුතු
බැවින් නිර්වාණය "දුද්දස"
නම්
වේ.
*
දුක
සේ අවබෝධ කළ යුතු බැවින්
නිර්වාණය "දුරනුබෝධ"
නම්
වේ.
*
තර්කයෙන්
නොදත හැකි බැවින් නිර්වාණය
"අතක්කාවචර"
නම්
වේ.
*
මහා
පණ්ඩිත උතුමන් විසින්ම දැකිය
හකි බැවින් නිර්වාණය "පණ්ඩිත
වේදනීය නම් වේ.
*
108 වැදෑරුම්
තණ්හාවන්ගේ කෙළවර බැවින්
නිර්වාණය "අනන්ත"
නම්
වේ.
*
පරමාර්ථ
සත්‍යයක් බැවින් නිර්වාණය
"සච්ච"
නම්
වේ.
*
සංසාර
සාගරයේ පරතෙර බැවින් නිර්වාණය
"පාර"
නම්
වේ.
*
සාමාන්‍ය
ණුවනට නොවැටහෙන බැවින් නිර්වාණය
"නිපුණ"
නම්
වේ.
*
නිවන
දැකගැනීමට අපහසු බැවින්
නිර්වාණය "සුදද්දස"
නම්
වේ.
*
පඤ්චගති
නැති බැවින් නිර්වාණය "අගති"
නම්
වේ.
*
ස්ථිරව
පවත්නා බැවින් නිර්වානය "ධුව"
නම්
වේ.
*
ඇසට
නොපෙනෙන බැවින් නිර්වාණය
"අනිදස්සන"
නම්
වේ.
*
තණ්හාදී
ප්‍රපඤ්ච නැති බැවින් නිර්වාණය
"නිප්පප්ඤ්ච"
නම්
වේ.
*
නොසැලෙන
බැවින් නිර්වාණය "අපලෝකිත"
නම්
වේ.
*
කෙලෙසුන්ගේ
සංසිඳීම ඇති බැවින් නිර්වාණය
"සන්ත"
නම්
වේ.
*
ඉතා
ප්‍රණීත බැවින් නිර්වාණය
"ප්‍රණීත"
නම්
වේ.
*
උවදුරු
රහිත බැවින්නිර්වාණය "ඛේම"
නම්
වේ.
*
භය
නැති නිසා නිර්වාණය "සිව"
නම්
වේ.
*
මහත්
විශ්මය ජනක බැවින් නිර්වාණය
"අච්ඡරිය"
නම්
වේ.
*
අපූරු
දහමක් බැවින් නිර්වාණය "අබ්භූත"
නම්
වේ.
*
දුකක්
නැති බැවින් නිර්වාණය "අනීතික"
නම්
වේ.
*
නිදුක්
ස්වභාවයක් ඇති බැවින් නිර්වාණය
"අනීතිකධම්ම"
නම්
වේ.
*
වෛරී
බවක නොමැති බැවින් නිර්වාණය
"අබ්‍යාපජ්ඣ"
නම්
වේ.
*
සියලු
දුකින් මිදුනු බැවින් නිර්වාණය
"මුත්ති"
නම්
වේ.
*
සංසාරයාගේ
කෙළවර බැවින් නිර්වාණය "අච්චන්ත"
නම්
වේ.
*
කිසිවකු
විසින් නොක්ළ බැවින් නිර්වාණය
"අකත"
නම්
වේ.
*
මනා
පිහිටක් බැවින් නිර්වාණය "
පරායන"
නම්
වේ.
*
දුකින්
මුදවන බැවින් නිර්වාණය "මොක්ඛ"
නම්
වේ.
*
තෘෂ්ණාව
නැමැති ලණුව ලිහිල්ව යන බැවින්
නිර්වාණය "නිබ්බාණ"
නම්
වේ.
*
නොපෙරලෙන
බැවින් නිර්වාණය "අවිපරිණාම"
නම්
වේ.
*
සංසාර
වට්ටයෙන් පැනගිය බැවින්
නිර්වාණය "විවට්ට"
නම්
වේ.
*
හුදකලාව
පවත්නා දහමක් බැවින් නිර්වාණය
"කේවල"
නම්
වේ.
*
ආලය
නොමැති බැවින් නිර්වාණය
"අනාලය"
නම්
වේ.
*
සැමදෙනා
යායුතු බැවින් නිර්වාණය
"පද"නම්
වේ.
*
විනාශ
නොවන හෙයින් නිර්වාණය "අච්චුත"
නම්
වේ.
*
සකල
විධ සංස්කාර ධර්මයන්ගේ පහවීම
බැවින් නිර්වාණය "
විමුක්ත"
නම්
වේ.
*
සසර
බඳුම් මුදවන හෙයින් නිර්වාණය
"විමුක්ති"
නම්
වේ.
*
කිසි
කලෙක නිම නොවන බැවින් නිර්වාණය
"අකඛං"
නම්
වේ.
*
රාගයෙන්
නොඇලෙන බැවින් නිර්වාණය
"විරාග"
නම්
වේ.
*
කෙලෙසුන්ගෙන්
නිවුණු බැවින් නිර්වාණය
"නිබ්බුත"
නම්
වේ.
නිරෝධ
සත්‍ය අවබෝධ කළ බැවින් බුදුරජාණන්
වහන්සේ සම්මා සම්බුද්ධ නම්
වන සේක.
ඒ
මාගේ බුදුරජාණන් වහන්සේට
උත්තමාංග නමස්කාරය වේවා...
Subscribe to:
Posts (Atom)