ලුහුඬින් හෝ බුදුගුණ දැනගමු.
The Lord Buddha දහම් ලිපි බුදුගුණ
බුදුන් සරණ ගියා වූ අප අවම වශයෙන් ඉතිපි සෝ පාඨයේ එන බුදුගුණ නවය පිළිබඳ තේරුම් සහිතව දැනගෙන සිත්හි දරාගෙන නැවත නැවත මෙනෙහි කළ යුතුය. මේ ලෝකයෙහි යම් ශ්‍රේෂඨයෙක් වෙත්ද , ඒ අප සරණ ගියා වු අනන්ත ගුණ ඇත්තා වූ සම්මා සමුබුද්ධ වූ සර්වඥරාජෝත්තමයන් වහන්සේමය. උන් වහන්සේ ගැන සිතීමෙන් පවා සිත් සැනසෙන්නේය. යමෙක් ඒ ගුණවතාණන්ගේ ගුණ මෙනෙහි කරයිද, ඔහු මහත් පින් රැස් කරගන්නේය.
---------------------------------------
එක්වන්න අප සමග - ශ්‍රී සද්ධර්ම
බුදුරජාණන් වහන්සේගේ කළගුණ සැළකීම පිළිබඳ කරුණු බිඳක්
The Lord Buddha දහම් ලිපි
යමෙකු විසින් තමාට උපකාරයක් කරනලද්දේ නම් එම උපකාරයට ප්ර්ති උපකාරයක් කිරීම කළගුණ සැලකීම හෙවත් කෘතගුණ සැලකිම ලෙස හැඳින්වේ. කළගුණ සලකන්නෝ සමාජයේ ඉතාමත්ම විරල බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. අංගුත්තර නිකායේ තෙවන පණ්‌ණසකයේ අනායික වර්ගයේ දුල්ලභ පාතිභව සූත්රේයේ “තිණ්‌ණං භික්‌ඛවේ පාතුභාවො දුල්ලභෝ ලෝකස්මිං” යනුවෙන් මහණෙනි, ලෝකයේ දුර්ලභ කරුණු තුනක් ඇත.
- පළමුවැන්න - සම්මා සම්බුදුවරයෙකුගේ ලොව පහළ වීමයි.
- දෙවැන්න - තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය ඒ අයුරින් දේශනා කරන පුද්ගලයෝය.
- තෙවැන්න - කළ දේ දන්නා වූ කළ දේ මතක ඇත්තා වූ කළගුණ සලකන්නා වූ පුද්ගලයෝය.
යනුවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කොට ඇත. “කතඤ්ඤූ කතවේදි පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං” යනුවෙන් දක්වා ඇත්තේ, ලෝකයේ මිනිසුන් තුළ කළ ගුණ සැලකීම කියන උතුම් ගුණය ඉතා දුර්ලභ බවයි.
උන්වහන්සේ දේශනා කිරිමෙන් පමණක් නොව ක්රිළයාවෙන්ද කළගුණ සැලකීම කෙතරම් උතුම් ගුණාංගයක්‌ද යන බව පෙන්වා දුන් සේක.
ඇසතු වෘක්ෂරය බුදුරජාණන් වහන්සේට උපකාර වූයේ, ඉතා සුළු කාලයකි. සාමාන්යක කෙනකු සිතන්නට පුළුවන් ඒ ගස කරපු උපකාරය මොකක්ද කියලා ඇයි? මිනිසුන් ගමන් බිමන් යන විට අතරමග නතර වන්නේ හොඳට සෙවණ තිබෙන ගසක් මුල නේ? සමහර දෙනා ඒ රුක් සෙවණේ විවේකයෙන් හිඳ එතනින් යන විට මේ ගස අපට කොච්චර පිහිටක් වුණා ද කියලා හිතන්නෙවත් නැහැනේ. ගස තමාට උපකාරයක් කළා කියා සිතන්න තරම් සත්පුරුෂ ගුණයක් සමහර අයට නැහැ. සමහරු එතනින් යන්නේ ගසේ කොළ අතුත් කඩා දමා අපිරිසුදු බවට ද පත් කරමින්. එවැනි ආත්මාර්ථකාමී සමාජයක බුදුරජාණන් වහන්සේ අජීවී වෘක්ෂයකට කළගුණ දැක්වීමක් වශයෙන්, සතියක් පුරා ඒ කළ උපහාර දැක්වීම කොතරම් උත්කෘෂ්ට ක්රිීයාවක් ද?
තම මෑණියන් වහන්සේ ජීවත්ව නොසිටියත් තුසිත දිව්යඅ ලෝකයට වැඩම කර තුන් මසක් පුරාවට මාතෘ දිව්යවරාජයාට අභිධර්මය දේශනා කර තම මෑණියන්ව සෝවාන් ඵලයෙහි පිහිටවූ සේක. බුදු බව ලැබීමෙන් අනතුරුව පළමුව ධර්මය දේශනා කිරීම සඳහා තම ගුරුවරු සෙවූහ. ඔවුන් නැති බව දැනගත් පසු තමාට උපකාර කළ පස්වග මහණුන් සොයා බරණැස ඉසිපතනයට වැඩමකර ප්රහථම ධර්ම දේශනාව පැවැත්වූහ.
ලොවිතුරා බුද්ධත්වයට පත්වීම උදෙසා පාරමී පුරන සමයේ පටන් මහා බෝධි සත්වයන් වහන්සේ ළඟම හිඳමින් අනේක කැප කිරීම් සිදුකරමින් උන්වහන්සේට අනුග්රනහ කළා වූ යම් කෙනෙක් වෙත්ද? ඒ රාහුල මාතා නම් යසෝධරාවයි. යශෝධරා දේවිය සිදුහත් කුමාරයා ගිහිගෙය හැරගිය දින සිට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගතකරන්නා වූ ශූෂ්ක ප්රදතිපත්ති අනුව යමින් සිල්වත්ව දුෂ්කර ප්රණතිපත්තියෙහි යෙදී සිටියාය. බුද්ධත්වයට පත්ව බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර වැඩම කර සුදොවුන් රජතුමා ඇතුළු පිරිසට දහම් දෙසුවත් එම ස්ථානයට යශෝධරා දේවිය පැමිණියේ නැත. එහෙත්, බුදුරජාණන් වහන්සේ ඇය පෙර තමන් වහන්සේ පාරමී පුරන සමයෙහි පටන් අවසන් භවය දක්වාම උපකාර කළ ආකාරය සිහිකොට, අග්රද ශ්රානවකයන් වහන්සේලා දෙනමත් සමග යසෝධරාව හුන් ස්ථානයට වැඩි සේක. මේ ආදී වශයෙන් උන්වහන්සේ කළ ගුණ සැලකීම පිළිබඳ ආදර්ශවත් වූහ.
‘බුද්ධ මාතා’ නම් ගෞරව නාම ලත් මහා ප්රවජාපති රහත් මෙහෙණින් වහන්සේ එකසිය විසිවන වසරේදී ආයු සංස්කාරය හළ අතර එතුමිය සමගම පිරිනිවන් පාන බව පැවසූ භික්ෂුණීන් පිරිස පිරිවරාගත් එතුමිය ශාන්ත ගමනින් කුටාගාර ශාලාවට පැමිණ බුදු සිරිපා නමදිමින් “ළදරු කළ සිට හැදු අයුරුත්, යම් දොසක් වීනම් සමාව දෙන ලෙසත්, යළි යළිත් පැවිද්ද ඉල්ලීම ගැනද සමාව දෙන ලෙසත් අයැදුහ’. බුදු කෙනෙකුන් කවුරු වෙනුවෙන් වත් කිසි කළෙක පසු පසින් ගමන් කිරීමක් නොකරන්නේය. බුදුහිමි අවසර පරිදි අසිරිමත් පෙළහර පා අවසන් වරටද සිරිපා වැඳ පිරිනිවන් පෑමට පන්සියයක් භික්ෂුණින් සමග අරම වෙත පිටත් වූ අතර භාග්යසවතුන් වහන්සේ ඇය පසුපස මද දුරක් වැඩම කළේ බුද්ධ මාතාවට කෘතගුණ දැක්වීම් වශයෙනි. එදිනට පිරිනිවන් පෑ එම භික්ෂුනින් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවය බුදුරජාණන් වහන්සේගේ සහභාගිත්වයෙන් අසිරිමත් අන්දමින් සිදුවූයේය. බුදු කෙනෙකුන්ගේ ගුණ ශ්රේ ෂ්ඨම වන්නේ ය.
• බුදුන් වහන්සේ විසින් ලෝකයාට කළ ගුණ සැළකීමේ වටිනාකම ඉගැන්වූ භද්රිවතිකා ඇතින්න ගැනද සඳහන් කළ යුතුමය.
.
බුදුන් වහන්සේ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සමයෙහිදී පිඬු පිණිස කොසඹෑ නුවරට වැඩියා. එවිට කුණු කමින් අයාලේ යමින් අසරණව සිටි මහලු භද්රවවතිකා ඇතින්න බුදුරදුන් දැක උන්වහන්සේ වෙත පැමිණ පා මුල වැටී දුක අඟවා කඳුළු වැගිරුවාය. ඒ ඇතින්න උදේන රජුට මහත් මෙහෙයක් කොට මහලු වූ තැනැත්තියක්. රජුගේ සටන් වලදී දිවි නොතකා ඒ ඇතින්න රජුට කළ සේවයෙහි අගය අපමණයි. මහලු වූ විට රජු විසින් ඇයට නොසලකා අයාලේ යන්නට හැර ඇත. බුදුන්වහන්සේ ඒ ඇතින්නට සිදු වී ඇති විපත වටහා ගෙන ඒ දුකට පිහිට වන බැව් පවසා ඇය සැනසූ සේක.
.
බුදුන් වහන්සේ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සමයෙහිදී පිඬු පිණිස කොසඹෑ නුවරට වැඩියා. එවිට කුණු කමින් අයාලේ යමින් අසරණව සිටි මහලු භද්රවවතිකා ඇතින්න බුදුරදුන් දැක උන්වහන්සේ වෙත පැමිණ පා මුල වැටී දුක අඟවා කඳුළු වැගිරුවාය. ඒ ඇතින්න උදේන රජුට මහත් මෙහෙයක් කොට මහලු වූ තැනැත්තියක්. රජුගේ සටන් වලදී දිවි නොතකා ඒ ඇතින්න රජුට කළ සේවයෙහි අගය අපමණයි. මහලු වූ විට රජු විසින් ඇයට නොසලකා අයාලේ යන්නට හැර ඇත. බුදුන්වහන්සේ ඒ ඇතින්නට සිදු වී ඇති විපත වටහා ගෙන ඒ දුකට පිහිට වන බැව් පවසා ඇය සැනසූ සේක.
බුදුන් වහන්සේ සංඝයා පිරිවරාගෙන උදේනි රජුගේ මාළිගයට වැඩි සේක. රජු උන්වහන්සේලා මහත් හරසරින් පිළිගෙන දන්පැන් පිළිගැන්වූවා. දන් වළඳා අවසන බුදුන් වහන්සේ "මහරජ, ඔබගේ භද්රිවතිකා ඇතින්න කොහිද?"යි විචාළ සේක.
"නොදනිමි ස්වාමීනි" යනු රජුගේ පිළිතුර විය.එබසට බුදුන් වහන්සේ රජුට මෙසේ වදාළා."මහරජ, තමන්ට උදව් උපකාර කළ ඇත්තන්, වැඩිහිටියන්, මහලු වී ගිය කළ අතහැර දැමීම, නොසළකා හැරීම යුතුකම නොවේ. ඒ ඇත්තන්ගෙන් මෙහෙයක් ලැබෙන කාලයටත් වඩා උසස් ලෙසින් ඔවුන් බැරි ගැහී ගිය කල්හි සැලකුම් දැක්වීමයි, උතුමන්ගේ සිරිත. දැන් ඒ ඇතින්න මහලුයි. අබල දුබලයි. ඒ ඇතින්න නොසලකා හැරීම ඔබට තරම් නොවෙයි. ඔබගේ යුතුකම වන්නේ පෙර පරිද්දෙන්ම ඇයට සැලකීමයි."උදේන රජු බුදුන්වහන්සේගේ උපදෙස පිළිගෙන භද්ර වතිකාව ගෙන්වාගෙන ඇයට පෙරටත් වඩා සැලකිලි සිදු කළේය
.
මීට අමතරව පාරිලෙයිය හස්තියා වෙනුවෙන්ද බුදුන් වහන්සේ කෘතගුණ දැක්වූ සේක. ලිපිය දිර්ඝ වන බැවින් ඒ පිළිබඳ විස්තර පසු කලෙක ලියමි.
.
මීට අමතරව පාරිලෙයිය හස්තියා වෙනුවෙන්ද බුදුන් වහන්සේ කෘතගුණ දැක්වූ සේක. ලිපිය දිර්ඝ වන බැවින් ඒ පිළිබඳ විස්තර පසු කලෙක ලියමි.
සැරියුත් මහරහතන් වහන්සේ ද කළ ගුණ දන්නා උතුම් සත්පුරුෂයෙකි. උන්වහන්සේට ධර්මය පහදා දුන් අස්සජි මහ රහතන් වහන්සේට දිනපතා කොතනක වැඩසිටියත් එදෙසට හැරී වැඳ නමස්කාර කිරීම උතුම් චාරිත්රමයක්ව තිබුණා. මිථ්යා් දෘෂ්ටිකව සිටි තම මෑණියන් සම්යාක්දෘෂ්ටියට පත් කළහ. එසේම උන්වහන්සේට පිණ්ඩපාතය සඳහා බත් හැන්දක් පූජා කළ රාධ බමුණාට කළ හැකි සෑම උපකාරයක්ම සිදු කළහ. එවැනි කළ ගුණ සැලකූ චරිත, බුද්ධ ශාසනය තුළ බහුල ලෙස දැක ගැනීමට හැකි ය.
සාම ජාතකයේ එන ආකාරයට සාම කුමාරයාගේ දිවි බේරා ගැනීමට හැකිවූයේ මවුපියන්ට සැලකූ නිසාය. එසේම තමාගේ ජීවිතය සාර්ථක කරගන්නට විවිධාකාර වශයෙන් අවවාද අනුශාසනා දුන් ගුරුභවතුන් කිසි දිනක අමතක නොකළ යුතු යග තමන්ට හැකි ආකාරයෙන් ඔවුන්ට ගරුසත්කාර කළ යුතු යග ඒ තුළින් තමාට විශේෂ ආශිර්වාදයක්, පිනක් ලැබෙනු ඇත.
මෙහෙ විශේෂයෙන් දැක්විය යුතු කරුණක්ද ඇත. එනම් මාතුපෝසක ජාතකයෙහි අප මහා බෝසතාණන් තම මෑණියන්ට උපස්ථාන කරමින් සිට තම මව් සමග නැවි නැග වෙළඳාමිහි යන විට නැව මුහුඳුබත් වු වෙලාවේ තමාව ලොවට බිහිකළ තම මව කරපිටින් තබාගෙන දින සතක් ගැඹුරු මහා සාගරයේ පිහිනා මෑනියන්ව බේරාගත් පසු මව තම පුතුට පළමු විවරණය ලබා දුන්නේ ‘මගේ පුතාට බුදුබව ලැබේවා’ යනුවෙනි. මේ බුදු බව යන වචනය එදා එම තරුණයාගේ මනසට තදින්ම කා වැදී ගිය අතරල ඒ පිළිබඳ විමසමින් ඒ සඳහා අවශ්යව කරුණු ගවේෂණය කර බුද්ධ කාරක ධර්ම හෙවත් පාරමිතා පිරීමට මූලාරම්භ කරමින් බුද්ධාංකුර මූල බීජය ස්ථාපිත වූයේ මවට කරන ලද කාතගුණ සැලකීම මුල් කොටගෙනය. මේ නිසා ලොවුතුරු බුද්ධ රාජ්‍යයට පත් වූ පසු මවුපිය ගුණ මහිමය අමතක නොකර ලෝකයාට එහි වටිනා බව වඩාත් තහවුරු කර දුන් සේක.
වසල සූත්රුයේ සඳහන් ආකාරයට කිසි වැඩක් පලක් කරගත නොහැකි වයසක මවුපියන්ට සළකන්නට හැකියාව තිබියදීත් නොසලකා හරී නම් ඔහු වසලයෙක් බව දක්වා ඇතග ඒ පුද්ගලයාට කිසිදාක සැපක් සතුටක් හිමිනොවනු ඇත.
‘මහා අස්සාරෝහ’ ජාතක කථාවේ එම රජතුමාට එක් පුද්ගලයකු කළ උපකාරයට දෙගුණ තෙගුණ වන්නට බෝධි සත්වයන් වහන්සේ ප්රාතිඋපකාර කළ බව සඳහන් වෙයි' මේ, එහි එන ගාථාවකි.
‘මහා අස්සාරෝහ’ ජාතක කථාවේ එම රජතුමාට එක් පුද්ගලයකු කළ උපකාරයට දෙගුණ තෙගුණ වන්නට බෝධි සත්වයන් වහන්සේ ප්රාතිඋපකාර කළ බව සඳහන් වෙයි' මේ, එහි එන ගාථාවකි.
“යස්ස රුක්ඛස්ස ඡායාය
නිසීදෙය්යර සයෙය්යේවා
න තස්ස පත්තං භින්දෙය්ය්
මිත්ත දුබ්භෝහි පාපකෝ”
නිසීදෙය්යර සයෙය්යේවා
න තස්ස පත්තං භින්දෙය්ය්
මිත්ත දුබ්භෝහි පාපකෝ”
යම් ගසෙක සෙවණ යට යමෙක් හිඳගත්තේ හෝ සයනය කළේ හෝ වේදරෑ ඔහු විසින් එම ගසේ කොළයක්වත් නොකැඩිය යුතු යග කොළ කැඩුවොත් ඔහු මිත්රහද්රෝවහියෙකු යනුවෙන් දක්වා ඇත. එසේ නම් කෙනෙකු තමන්ට කළ උපකාරයට කෙසේ ප්රොතිඋපකාර කළ යුතු ද?
කළ ගුණ සැලකිම පිළිබඳව තවත් බොහෝ වටිනා දේ බුද්ධ චරිතය තුල පවතී. සංක්ෂිප්ත කරුණු ස්වල්පයක් මෙහි දැක්වුයෙමි.
යථාවාදි - තථාකාරි ගුණයෙන් යුත් අප භාග්යනවතුන් වහන්සේ විසින් අගය කළා වූ කෘතගුණ සැලකීමේ වටිනාකම තමන් වහන්සේගේ උත්තම චරිතයෙන් ලෝකයාට මනාකොට පෙන්වා වදාළ සේක. එවන් මහා ගුණයන්ගෙන් පරිපූර්ණ වූ උත්තමයෙකු සරණ ගියා වූ අපද මහත් පින්වන්තයෝමය. එවන් මහත් ගුණ ඇත්තා වූ අප සම්මා සම්බුදු පියාණන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය වේවා..!!!!
එක්වන්න අප සමග - ශ්‍රී සද්ධර්ම
බුදු ගුණ පිළිබඳ ලිපි මාලාව – ලිපි අංක 02
Dhamma Informations The Lord Buddha දහම් ලිපි
මෙම ලිපි මාලාව දිගහැරෙන්නේ පූජ්‍ය කහගොල්ලේ සෝමවංස ස්වාමීන් වහන්සේගේ දේශනා ඇසුරින් ධර්ම දානයක් ලෙසින් ඉදිරිපත්කොට ඇති නව අරහාදී බුදුගුණ භාවනාව ග්‍රන්ථය ඇසුරිනි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සෝ භගවා ඉතිපි අරහං
සෝ භගවා ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා ලෝභ කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා දෝස කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා මෝහ කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා මාන කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා දිට්ඨි කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා විචිකිච්ඡා කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා ථීන කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා උද්ධච්ඡ කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා අහිරික කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා අනෝත්තප්ප කිලේස වත්ථුතෝ ආරකත්තා ඉතිපි අරහං
සෝ භගවා අරීනං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා සෝතාපත්ති මග්ගේන අරීනං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා සකදාගමී මග්ගේන අරීනං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අනාගාමී මග්ගේන අරීනං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරහන්ත මග්ගේන අරීනං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන අවිජ්ජා අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන සංඛාර අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන විංඤ්ඤාන අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන නාමරූප අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන සලායතන අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන ඵස්ස අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන වේදනා අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන තන්හා අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන උපාදාන අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන භව අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන ජාති අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා අරිය මග්ගේන ජරාමරණ අරානං හතත්තා ඉතිපි අරහං
සෝ භගවා ආමිස පූජාය අරහත්ත අරහං
සෝ භගවා පටිපත්ති පූජාය අරහත්ත අරහං
සෝ භගවා පාප කරණෝ රහා භාවා ඉතිපි අරහං
ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් අපමණ අනුසස් ලැබෙන බව ධර්‍මයේ සඳහන් වෙනවා.
- අස්සුතං සුණාති – නොඇසූ දේ ඇසීම
- සුතං පරියොදපෙති – ඇසූ දේ නිවැරදි කිරීම
- කංඛං විතරති – සැක දුරු කර ගැනීම
- දිට්ඨිං උජුං කරෝති – සම්‍යක් දෘෂ්ටිය ලැබීම
- චිත්ත මස්ස පසීදති – සිත පැහැදීම
බණ ඇසීමෙන් මරණින් මතු සුගති ගාමී වීමද, ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබීමද, භෝග සම්පත්තිය ලැබීමද, ආදී සියල්ල ලැබෙනවා. නිර්වාණ සම්පත්තිය ලබාගැනීමට හැකි වෙනවා.නිවන් දකින තුරු නොයෙක් සැප සම්පත් ලබාගත හැකි වෙනවා. විෂේශයෙන් ප්‍රඥාව ලැබෙනවා. නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන බණ ඇසීම කළ යුතුයි. දෙව් ලොව බඹ ලොව සැප සම්පත් ප්‍රාර්තනා කරගෙන බණ ඇසීම නොකළ යුතුයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරා සාගර පහක්. එනම්,
- ගුණ සාගරය
- ඥාණ සාගරය
- නය සාගරය
- සංසාර සාගරය
- ජල සාගරය
ගුණ සාගරය ලෙස හඳුන්වන්නේ බුද්ධ සන්තානයෙහි පහළ වූ අනන්ත ගුණයයි. ඒවා ගණන් කිරීමට නොහැකි බැවින් සාගරය කියා හඳුන්වනවා. ඒ සියලුම ගුණ ඇතුලත් කරමින් නව අරහාදී ගුණ පාඨය දේශනා කළා. සියලූම බුදුගුණ එම පාඨයට ඇතුලත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් තම ජීවිත කාලයේ වෙන ධර්‍ම දේශනා නොකර බුදුගුණ පමණක් දේශනා කළොත් ජීවිතය අවසන් වුවත් බුද්ධ ගුණ දේශානාව කියා අවසන් කරන්න බෑ. දේශනා කිරීමට තිබෙන බුදුගුණ අනන්ත වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහල වීමේදී පමණක් අසන්නට ලැබෙන දේශනාවකි.
බුදුරජාණන් වහන්සේ ද සමහර අවස්ථාවලදී බුදුගුණ දේශනා කර තිබෙනවා. කාලකාරාම සූත්‍ර දේශනාව විශේෂයි. මහා පෘතුවිය කම්පා කරවමින් එම සූත්‍රය දේශනා කළා. එම නිසා සියලුම දෙනා බුදුගුණ අහන්න ඕනෑ. බුදුගුණ කියන්න ඔනෑ. බුදුගුණ සජ්ඣායනා කරන්න ඔනෑ. එමගින් කාමච්ඡන්දය, තරහව,අලසකම, සිතේ විසිරීම, සැකය පහව යනවා. සිත සමාධි ගත වෙනවා. ගුණ නුවණ දියුණු වෙනවා. සුළු මොහොතකදී අර්හත්වයෙන් අමා මහ නිවන් සුව අවබෝධ කර ගැනීමට වාසනාව ලැබෙනවා.
ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතො ඒකන්ත නිබ්බිදාය, ඒකන්ත විරාගාය, ඒකන්ත නිරෝධාය, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්තති. කතමෝ ඒක ධම්මෝ බුද්ධානුස්සති.
මහණෙනි, එක ධර්මයක් මෙනෙහි කිරීමෙන් නැවත නැවත මෙනෙහි කිරීමෙන් ඒකාන්තයෙන් සංසාරයෙන් එතෙර වීම සඳහාද, ඒකාන්තයෙන් විරාගය පිණිසද, ඒකාන්තයෙන් කෙළෙස් නිරෝධය පිණිසද, සියලු කෙලෙස් සංසිඳවා ගැනීම පිණිසද, විෂිශ්ඨ ඥානය පිණිසද, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම පිණිසද හේතු වේ. එනම් කවර එක් ධර්මයක්ද ඒ බුද්ධානුස්සති භාවනාවයි.
මේ දේශනා පාඨයෙන් කියවෙනවා බුදුගුණ මෙනෙහි කිරීමෙන් ලැබෙන මෙලොව පරලොව ආනිසංස. සතර ඉරියව්වේදම බුදුගුණ මෙනෙහි කිරීමට උත්සාහ ගත යුතුය. මෙලොවදීම අසනීප, අපල උපද්‍රව, සතුරු කරදර, බිය නැතිකරගැනීමට දුරු කරගැනීමට හැකි වෙනවා. සුවසේ ජීවත් විමට ලැබෙනවා. තම ජීවිතය ධාතු කරඬුවක් වාගේ වෙනවා.
ඥාණ සාගරය කියන්නේ බුද්ධ සන්තානය තුල පහළ වූ අනන්ත ඥාණ සාගරයි. තෙසැත්තෑ ඥාණ, සතර සැත්තෑ ඥාණ, චුද්දස බුද්ධ ඥාණ, ෂට් අසාධාරණ ඥාණ, සුවිසි ප්‍රත්‍ය ඥණ, සූවිසි පට්ඨාන ඥාණ, දස මහා විදර්ශනා ඥාණ, සතර මාර්ග ඥාණ, සතර ඵල ඥාන ආදී ඥාණ සාගරයකි. ගණන් කිරීමට නොහැකි අනන්ත අපරිමාන ඥාණ ඇති බැවින් බුද්ධ සන්තානය ඥාන සාගරයකි. ඥාණ අතරින් ෂට් අසාධාරණ ඥාණ හය විශේෂ තැනක් ගන්නවා. ඉන්ද්‍රීය පරෝ පරියන්තේ ඥාණය, ආසයානුසයේ ඥාණය, යමක ප්‍රාතිහාර්ය ඥාණය, මහා කරුණා සමාපත්ති ඥාණය, සබ්බඤ්ඤුත ඥානය, අනාවරණ ඥාණයයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙම ඥාණ හය සම්බන්ධ කර ගනිමින් අති විශාල සේවයක් සිදු කරනවා. උන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය වේවා.
දේශිත ධර්මය නය සාගරය වෙනවා. සංසාර ගමනේ ඉපදීම, මැරීම, ඉපදීම, මැරීම සිදු වෙනවා. එයද සීමාවක් නොමැත. එයව කියනවා සංසාර සාගරය කියා. මහා මුහුඳ අති විශාල වස්තුවක්. එහි අඩංගු ජලය මනින්න බැහැ. සංඛ්‍යා කරන්න බැහැ. එම නිසා එයට ජල සාගරය කියනවා.
ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේද අරහං නම් වන සේක.
අරහං යනු සියලු ආමිස පූජා, සියලු ප්‍රතිපත්ති පූජා වලට සුදුසුයි යන අර්ථයයි. එපමනක් නොව මෙයින් කවර කවර ගුණයක් නිසා අරහං වෙනවාද කියා විස්තර වෙනවා.
“සෝ භගවා ආරකත්තා ඉතිපි අරහං” ඒ භාග්‍යවතුන් වහන්සේ වාසනා සහිතවූම සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ බැවින් අරහං නම් වන සේක. 1500ක් පමන වූ කෙලෙස් සංසාර ගති පැවැතුම් සහිතව ප්‍රහාණය කළ නිසා අරහං නම් වෙනවා. බුද්ධ සන්තානයෙහි සියලුම පාප සතිවිලි තමන් වහන්සේගේ පාරමී බලයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අභියසදී ප්‍රහාණය කළා. තමන් වහන්සේගේ චිත්ත සන්තානය ඉතාම පිරිසිදු විය. සූර්ය මණ්ඩලය මෙන් චන්ද්‍ර මණ්ඩලය මෙන් සිත ආලෝකමත් විය.
ඒ මොහොතේ පටන් තථාගතයන් වහන්සේ අරහං නම් වන සේක. උන් වහන්සේගේ ගමන සංවර වූහ. කථාව, පැවැත්ම, සිවුපස පරිභෝගය, ගමන බිමන ඉතාම සංවර වූහ. දකින දකින සියලු දෙනාගේ චිත්ත සන්තාන ප්‍රබෝධමත් වුණා. උන් වහන්සේ දැකීමෙන් බොහෝ දෙනා ච්ත්ත ප්‍රසාදයට පත්ව බුද්ධ සාසනය වැළඳගත්තා. තෙරුවන් සරණ ගියා. මගඵල නිවන් අවබෝධ කරගත්තා.
උන් වහන්සේට යම් කෙනෙක් යමක් පූජා කරනවා නම් අපමණ අනුසස් ලැබෙනවා. වන්දනා කළ පමණින් සිත පහදවා ගත් පමණින් අපමණ අනුසස් ලැබෙනවා.
සුමන මල් කරුවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා සමන් මල් පූජා කළ පිනෙන් නිවන් දකින තුරු සුගතියක වාසය කිරීමට වාසනාව ලබාගත් අතර, සුමන නමින් පසේ බුදු බව ලබා ගන්නා බවද පෙන්නුම් කරනවා. සියලුම පාපයන්ගෙන් මිදුන නිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.
ඒ භාග්‍යවත් වූ අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝභ ක්ලේශ වස්තුවෙන් දුරුවූ හෙයින් අරහං නම් වන සේක. ලෝභය, තණ්හාවථ කාමච්ඡන්දය යනුවෙන් සඳහන් වන්නේ පඤ්ච කාම වස්තූන් කෙරෙහි ඇති ඇලීමයි. මේ තණ්හාව 108 වැදෑරුම් වෙනවා. සියලුම සිත් වලට මෙය එක සේ බලපානවා. 108 වැදෑරුම් තෘෂ්ණාව ප්‍රහාණය කළ බැවින් බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.
- කාම තණ්හා
- භව තණ්හා
- විභව තණ්හා
රූප තණ්හා
ශබ්ද තණ්හා
ගන්ධ තණ්හා
රස තණ්හා
පොට්ටබ්බ තණ්හා
ධම්ම තණ්හා
3 X 6 =18
අජ්ඣත්තික තණ්හා
බාහිර තණ්හා
18 X2 = 36
අතීත තණ්හා
වර්තමාන තණ්හා
අනාගත තණ්හා
36 X 3 = 108
අභිධර්යට අනුව ලෝභ සිත් 08 කින් තණ්හාව හටගන්නවා ඇත. තණ්හාව දුරුකරගැනීම සඳහා සියලු දෙනාම උත්සාහ ගත යුතුය.
ඒ භාග්‍යවතුන් වහන්සේ ද්වේශ, ක්ලේශ වස්තුවෙන් දුරුවූ හෙයින් අරහං නම්වන සේක. තථාගතයන් වහන්සේගේ සන්තානයේ හටගත් තරහාව සම්පූර්ණයෙන්ම දුරුකළ සේක. තරහාව, වෛරය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, දැඩි මසුරුකම, පටිඝය, දොම්නස් යනාදිය තරහාව මුල්කරගෙන අපදිනවා. තරහාව මුල් කරගෙන ඕනෑම පවක් සිදුවීමට පුළුවන්. මෛත්‍රී භාවනා කිරීමෙන් තරහාව දුරුකර ගැනීමට පුළුවන්. තරහාව යනු සිත අඳුරු කරන, යහපත් දේ නොපෙනෙන, හොඳ නරක නොහඳුනන දෙයක්.
තරහාව නාගරාජයෙකුට උපමාකර තිබෙනවා. නාගයෙක් වගේ බොහොම දරුණු දෙයක් තමයි තරහාව. අනන්ත බුද්ධාදී උතුමන් මේ පටිඝ චේතනාව දුරු කළා. සියලු ලෝකවාසී සත්වයන්ට පටිඝය දුරු කිරීම සඳහා අවවාද අනුසාසනා කළා. පටිඝය හෙවත් තරහාව දුරු වෙන්නේ අනාගාමී මාර්ගඵල අවස්ථාවට පත්වූවාම. අනාගාමී ආර්යන් වහන්සේ තරහාව දුරුකළ නිසා ඉතාම පිවිතුරු, ලස්සන අලංකාර ජීවිතයක් ගත කරනවා. මරණින් මතු සුද්ධාවාස බ්‍රහ්මලෝකයේ උපත ලබනවා. පටිඝයත් තෘෂ්ණාවත් දුරුකළ අපගේ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවායි නමස්කාර කරමු. නමස්කාර වේවා.
ඒ භාග්‍යවතුන් වහන්සේ මෝහය දුරුකළ නිසා අරහං නම් වන සේක. මෝහය යනු මුලා කරවීමයි. නිසි අරමුනෙහි නොපිහිටීම එහි ලක්ෂණයයි. චතුරාර්‍ය සත්‍ය අවබෝධ නොවීම යැයිද කියනවා. යම් සිතක මෝහය යෙදුනොත් එම සිත ප්‍රභාශ්වර නැහැ. ශක්තිමත් නැහැ. කුසල කර්මයක් කරන වේලාවේ මෝහය යෙදුනොත් පිංකම අසම්පූර්ණයි. සිතට දැනෙන මහා අඳුරකි. එම අඳුර දුරු කරගැනීම සඳහා ප්‍රඥාව පහල කරගත යුතු වෙනවා. ප්‍රඥාව යනු අමෝහයයි.
නුවණ පහල කර ගැනීම සඳහා මෙම කරුණු රාශිය අතරින් එකක් හෝ පහල කරගත යුතුයි.
- ඤානය වැඩෙන කුසල් කිරීම.
- නිරෝගී සුව ඇතිව ඉපදීම.
- දැන තේරෙන වයසට පත්විය යුතුයි.
- දානාදි කුසල් කිරීම නිසා කෙලෙස් අඩුවීම.
- බුදුගුණ සිහිකිරීම.
- ධර්‍මය සාකච්ඡා කිරීම.
- ආධ්‍යාත්මික බාහිර පිරිසිදු බව.
- ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සම බවට පත් කර ගැනිම.
- මෝඩ පුද්ගලයන් ආශ්‍රය නොකිරීම.
- ඤාණවන්ත පුද්ගලයන් ඇසුරු කිරීම.
- නුවණ දියුණු කිරීම සඳහා කටයුතු කිරීම.
- ගැඹුරු දහම් මෙනෙහි කිරීම.
- ඤාන සම්ප්‍රයුක්ත උපතක් ලැබීම.
ඒ භාග්‍යවතුන් වහන්සේ මොහය දුරුකොට මහා ප්‍රඥාවක් උදාපත් කරගත්හ. අනන්ත ඤාන සම්භාරයක් පහළ විය. මෙසේ අනන්ත ඤාන ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.
ඒ භාග්‍යවතුන් වහන්සේ මාන්නය දුරු කළ නිසා අරහං නම් වන සේක. මාන්නය ඉතා සියුම් විදියට සිතේ හටගන්නවා. ඉතා පවිටු සිතිවිලි සිතේ පහළ කරවන, අපා ගමනට යොමු කරවන, චෛතසිකයකි මාන්නය. බුදුරජාණන් වහන්සේ ඒ මාන්නය නැවත හට නොගන්නා ආකාරයට ප්‍රහාණය කළා.
මාන්නයෙන් කෙනෙක් මැරුණොත් වඳුරෙක්, සුනඛයෙක් වී ඉපදෙනවා. එම ආත්ම වලදී බොහෝ පව් කොට නැවත අපා ලෝකවල වැටී බොහෝ දුක් විඳිනවා. එසේ නම් මේ මාන්නය හොඳ දෙයක් නෙවෙයි. මෙලොව පරිහානිය පරලොව පරිහානිය දෙලොවම පරිහානිය සිදුවෙලා නිරා දුක් විඳිමින් අපමණ කාලයක් දුක් විඳීමට සිදුවෙනවා. මාන්නය දුරුකළ රහතන් වහන්සේ සුවසේම වාසය කරනවා.
රාහුල මහරහතන් වහන්සේ නිහතමානී උතුමන් අතර අග්‍ර වුණා. සැරියුත් මහරහතන් වහන්සේද ඉතා සුවච නිහතමානී මහ රහතන් වහන්සේ නමක්. දවසක් භික්ෂූන් වහන්සේ නමක් සැරියුත් මහරහතන් වහන්සේට චෝදවක් කළා. මහා පිරිවර පිරිවරාගෙන මාන්නයෙන් උඩඟුවෙලා මගේ ඇඟේ හැප්පීගෙන ගියා. සමාව ගත්තේ නෑ කියලා. සැරියුත් මහරහතන්වහන්සේගේ පිරිවර සහ දේහ සම්පත්තිය දැකීමෙන් එම භික්ෂූන් වහන්සේට ඊරෂියාවක් ඇතිවුණා. බුදුරජාණන් වහන්සේ ලඟට ගෙන්වා විමසුවා ඇත්තක්ද? සාරිපුත්ත මේ භික්ෂුවගේ ඇඟේ හැපී සමාව ගත්තේ නැතුව ගියා කියන්නේ. ඒ වෙලාවේ සැරියුත් මහ රහතන් වහන්සේ මහා සංඝයා ඉදිරිපිට මහා සිංහනාදයක් කළා.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වාසනා සහිතවම මාන්නය ප්‍රහාණය කළා. මොන තරම් ශිෂ්‍ය පිරිසක් සිටියත්, සිවුපසය ලැබුණත් උද්දාමයට පත්වෙන්නේ නැහැ. අති නිහතමානී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාන්න සිඳ බිඳ දැමූ හෙයින් අරහං නම් වන සේක. ඒ අරහං ගුනයෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.
නිකිණි පුර පසළොස්වක හෙවත් දර මිටි පෝය අදයි
Dhamma Informations දහම් ලිපි
අද උතුම් නිකිණි පොහොය දිනයයි. ඇසළ පොහොය දිනයේ පෙරවස් විසීමට නොහැකි වූ භික්ෂූන් වසන්සේලා වෙතොත් උන්වහන්සේලා මෙම නිකිණි පොහොය දිනයේ වස් අධිෂ්ඨාන කර පසුවස් සමාදන් විය යුතුයි. වස් විසූ භික්ෂුන් වහන්සේ නමක් විහාර සීමාවෙන් පිටතට යාම ඇවතක් වුවත් අවශ්‍යතාවයක් ඇති අවස්ථාවන්හිදි දින හතක් දක්වා පිටත වැඩිය හැකි ලෙසින් බුදුරජාණන් වහන්සේ විසින් සත්තාහකරණය අනුදැන වදාළේ ද මෙම නිකිණි පොහෝ දිනෙකයි.
ධර්ම භාණ්ඩාගාරික ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ අප්‍රමාන වීර්යයෙන් කෙලෙසුන් නසා සිව් පිලිසිඹියා පත් රහත් භාවයට පැමිණ වදාළේ නිකිණි පුර පසළොස්වක දිනෙකය.
මගධයේ අජාසත් රජුගේ පුර්ණ අනුග්‍රහය හා රාජ සේනාවේ ආරක්ෂාව සහිතව රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයේ සප්තපර්නි ගල් ගුහා ද්වාරය අසල ඉදි වුන මණ්ඩපයක දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමද සිදුවූයේ නිකිණි පොහෝ දිනෙකයි.
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම ද නිකිණි පොහොය දිනෙක සිදුවිය.
මෙම පොහොය දරමිටි පොහොය ලෙසද හැඳින්වේ. ඒ රජරට වල් බිහි වූ සමයේ ධනයෙන් බලයෙන් පිරිහුණු නමුත් ශ්‍රද්ධාවෙන් නොපිරිහුණු සිංහල ගැමි ජනතාව තමන් දිවි දෙවෙනි කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක ගැනීමට කටයුතු කළෝය.
වනයෙන් වැසුණු බෝධීන් වහන්සේ සහිත උඩ මලුව වට කොට පහත ගිනි මැල දල්වාගෙන වන සතුන් පලවා හරිමින් නිදි වර්ජිතව ඒ ජනතාව ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සැලකූ ඒ ඇසතු රුක සතුරන්ගෙන් රැක ගත්හ.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැර මංගල්‍යය ඇසළ පුන් පෝ දිනත් නිකිණි පුන් පෝ දිනත් අතර මාසය තුල පවත්වනු ලැබේ.
සේරුවිල මංගල මහා විහාරයේ වාර්ෂික මහා පිංකම පවත්වන්නේ නිකිණි මාසයේය.
එක්වන්න අප සමග - ශ්‍රී සද්ධර්ම
සතර අපායෙන් මිදීමට අවශ්‍ය අංග (සංයුත්ත නිකායේ රාජ සූත්‍රය ඇසුරිනි)
දහම් ලිපිසසර නම් සිර ගෙයක් වැනිය. වධකාගාරයක් වැනිය. ඉපදෙමින් මියැදෙමින් නේක වධබන්ධනයන්ට මේ සත්වයෝ පත්වෙති. කතරෙක මිරිඟු පසුපස වේගයෙන් හඹා යන මුවන් සේ සසර කතරේ රූප ශබ්ධ ගන්ධ රස ස්පර්ශ යන මිරිඟු පසුපස දුවන මේ සත්වයෝ ඒවායේ යථා ස්වභාවය නොදැන ඒවා මත්තෙහිම වෙහෙස වෙති. ඒවාම සොයති. ඒවා කෙරේ මුලාවෙන්ම කටයුතු කරති. මේ සසර කතරේ බුද්ධ සාසනය නම් කෙන්බිම මේ භවයේදී අපට හමුවිය. එසේ වූයේ අතීතයේ අප මොහොතකට හෝ නැවතී මේ ගමනේ අර්ථ විමසූ හෙයිනි. නැවතී හිස ඔසවා වටපිට බැලූ හෙයිනි. මේ ලැබූ කෙන්බිම තුල සිහියෙන් කටයුතු කර අවබෝධ කරගත යුතු සත්‍ය අවබෝධ කරගැනීම උදෙසා වීර්යය වැඩිය යුත්තේය. කොයි වෙලාවක වුවද මරණය පැමිණිය හැකිය. බොහෝ උදවියට තමා මැරෙන කෙනෙකු බව වත් සිහි නොමැත. කිසිදා නොමැරෙන අය සේ මුලාවෙන්ම කටයුතු කරති.එසේ සිට මියගොස් සත්වයාගේ නිවහන වන් සතර අපායේ උපදිති. දුකෙන් දුකටම වැටෙති. බුදු සසුන නම් කෙන්බිම හමුවූ අපට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ සතර අපායෙන් මිදෙන්නටත් ඉන් මිදී නිවන කරා යන්නටත් මග කියාදී තිබේ. අපට ඇත්තේ නුවණ ඇතිව ඒ මග යාමය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මේ සතර අපායෙන් මිදෙන මග කියාදෙන රාජ සූත්‍රය මෙසේ දක්වන්නෙමු.
මහණෙනි, සක්විති රජ සතර මහ දිවයිනෙහි ඓශ්චර්යාධිපති රාජ්‍යය කරවා කය බහා තබා මරණින් මතු තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට දෙව්ලොව පැමිණියත්,
ඔහු එහි නන්දන වනයෙහි අප්සරා සමූහය පිරිවරා ගෙන දිව්‍යමය පංචකාම ගුණයෙන් යුක්තව, සමන්විතව, ඉඳුරන් පිනවූවත්, ඔහු ධර්ම හතරකින් යුක්ත නොවූයෙකි.
එහෙයින් ඔහු නිරයෙන් නොමිදුනෙකි. තිරිසන් යෝනියෙන් නොමිදුනෙකි. ප්‍රේත විෂයයෙන් නොමිදුනෙකි. වැටී යන දුගති අපායෙන් නොමිදුණෙකි. මහණෙනි,
ආර්ය ශ්‍රාවකයා පිණ්ඩාහාරයෙන් යැපුණත්, කඩමලු දැරුවත් ඔහු ධර්ම හතරකින් යුක්ත වූවෙකි. එබැවින් ඔහු නිරයෙන් මිදුණෙකි, තිරිසන් යෝනියෙන් මිදුණෙකි,
ප්‍රේත විෂයයෙන් මිදුනෙකි, වැටී යන දුගති අපායෙන් මිදුනෙකි.
කුමන සතර ධර්මයක්ද? මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවකයා මේ කරුණු වලින් ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදු වන සේක, අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක, දෙව් මිනිසුන්ට ශාස්තෘ වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක කියා බුදුන් විෂයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාල ධර්මය ස්වාක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, විඥයන් විසින් තමා තමා තුලම දත යුත්තකි කියා ධර්මය විෂයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවත්න් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි, උජුපටිපන්නයි, යපටිපන්නයි, සාමීචිපටිපන්නයි, යුගල වශයෙන් හතරකුත් පුද්ගලයන් වහයෙන් අටකුත් වන භාග්‍යවතුන් වහන්සේගේ ඒ මේ ශ්‍රාවක සංඝයා ආහුන්‍යෙයි, පාහුන්‍යෙයි, දක්කිණෙය්‍යයි, අඤ්ජලිකරණෙය්‍යයි, ලෝකයට අනුත්තරවූ පින් කෙතයි කියා සංඝයා කෙරේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. කඩ නොවූ. සිදුරු නොවූ, කබර නොවූ, කැළැල් නොවූ, නිදහස්, නුවණැත්තවුන් විසින් පැසසූ, තණ්හා දිට්ඨි වලින් පරාමර්ශ නොකළ, සමාධිය සඳහා වූළ ආර්යයන් කැමති ශිලයෙන් යුක්ත වෙයි.
මහණෙනි, යම් සතර මහ දිවයිනක් ලැබීමක් ඇත් නම්, යම් සතර ධර්ම ලැබීමක් ඇත් නම්, සතර මහ දිවයින් ලැබීම සතර ධර්ම ලැබීමෙහි දහසෙන් පංගුවක් වත් නොවටනේය.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු කුමක්ද?
දහම් ලිපි
සංයුත්ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුත්තයේ අවිජ්‌ජා වර්ගයට අයත් විභඞග සූත්‍රය.
පින්වත් මහණෙනි, ඔබලාට ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කරන්නෙමි. එය අසව්. මැනවින් මෙනෙහි කරව්. ස්වාමීනි, එසේය. මහණෙනි ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය යි.
පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය නම් කුමක් ද?
දුකෙහි යම් දැනීමක්, දුක හටගැනීමෙහි යම් දැනීමක්, දුක නැති කිරීමෙහි යම් දැනීමක් හා දුක නැති කිරීමට යන පිළිවෙතෙහි යම් දැනීමක් වේ නම් මහණෙනි, එය සම්මා දිට්ඨි යැයි කියනු ලැබේ.
පින්වත් මහණෙනි, සම්මා සංකප්ප නම් කුමක් ද?
යම් නෙක්ඛම්ම සංකල්පයක්, අව්‍යාපාද සංකල්පයක්, අවිහිංසා සංකල්පයක් වේ නම් මහණෙනි, එය සම්මා සංකප්ප යැයි කියනු ලැබේ.
පින්වත් මහණෙනි, සම්මා වාචා නම් කුමක් ද?
මහණෙනි, බොරු කීමෙන් වැළකීම, පිසුනු වදනින් වැළකීම, රළු වදනින් වැළකීම, හිස් වදනින් වැළකීම යන මේවා සම්මා වාචා යැයි කියනු ලැබේ.
පින්වත් මහණෙනි, සම්මා කම්මන්තය නම් කුමක් ද?
මහණෙනි, පරපණ නැසීමෙන් වැළකීම, නුදුන් දෙය සොර සිතින් ගැනීමෙන් වැළකීම, අභ්‍රහ්ම චර්යාවෙන් වැළකීම යන මේවා සම්මා කම්මන්ත යැයි කියනු ලැබේ.
පින්වත් මහණෙනි, සම්මා ආජීවය නම් කුමක් ද?
මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවකයා වැරදි දිවි පෙවෙත හැර යහපත් දිවි පෙවෙතින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, මෙය සම්මා ආජීවය යි කියනු ලැබේ.
පින්වත් මහණෙනි, සම්මා වායාමය නම් කුමක් ද?
මෙහි භික්ෂු නම නූපන් පවිටු අකුසල් නොඉපදවීම පිණිස රුචිය දක්වයි, වෑයම් කරයි, වීර්ය කරයි, දැඩිව ඉටා ගනියි, කෙළෙස් දවන වීර්ය කරයි.
උපන් පවිටු අකුසල් දුරු කිරීම පිණිස රුචිය දක්වයි, වෑයම් කරයි, වීර්ය කරයි, දැඩිව ඉටා ගනියි, කෙළෙස් දවන වීර්ය කරයි.
නූපන් කුසල් ඉපදවීම පිණිස පිණිස රුචිය දක්වයි, වෑයම් කරයි, වීර්ය කරයි, දැඩිව ඉටා ගනියි, කෙළෙස් දවන වීර්ය කරයි.
උපන් කුසලයන්ගේ පැවැත්ම පිණිස පිරිපුන් බව පිණිස පිණිස රුචිය දක්වයි, වෑයම් කරයි, වීර්ය කරයි, දැඩිව ඉටා ගනියි, කෙළෙස් දවන වීර්ය කරයි.
මහණෙනි, මෙය සම්මා වායාමය යි කියනු ලැබේ.
පින්වත් මහණෙනි, සම්මා සතිය නම් කුමක් ද?
මෙහි භික්ෂු නම කයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා නුවණැතිව, සිහි ඇතිව, කාය ලෝකයෙහි දැඩි ලෝබය හා දොම්නස දුරුකොට වාසය කරයී.
වේදනාවන්හි වේදනා අනුව බලමින් කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා නුවණැතිව, සිහි ඇතිව, වේදනා ලෝකයෙහි දැඩි ලෝබය හා දොම්නස දුරුකොට වාසය කරයී.
සිත්හි සිත් අනුව බලමින් කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා නුවණැතිව, සිහි ඇතිව, චිත්ත ලෝකයෙහි දැඩි ලෝබය හා දොම්නස දුරුකොට වාසය කරයී.
දහම්හි දහම් අනුව බලමින් කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා නුවණැතිව, සිහි ඇතිව, ධම්ම ලෝකයෙහි දැඩි ලෝබය හා දොම්නස දුරුකොට වාසය කරයී.
මහණෙනි, මෙය සම්මා සතිය යැයි කියනු ලැබේ.
පින්වත් මහණෙනි, සම්මා සමාධි නම් කුමක් ද?
මෙහි භික්ෂු නම කාමයන්ගෙන් වෙන්ව ම අකුසලයන්ගෙන් වෙන්ව ම විතර්ක විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුවය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි.
විතර්ක විචාර සන්සිඳීමෙන් ඇතුලත පැහැදිම ඇති, සිතේ එකඟ බව ඇති විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වෙසෙයි.
ප්‍රීතියද වැළකීමෙන්, උපේක්ෂා ද ඇතිව වෙසේ. සිහි ද ඇතිව මනා දැනුම ඇතිව, කයින් සුවත් විඳී. උතුම් අය යමක් නිසා "උපේක්ෂා ඇත්තෙකි, සිහි ඇත්තෙකි, සුව විහරණ ඇත්තෙකි" යි කියත් ද ඒ තෙවන ධ්‍යානයට පැමිණ වෙසෙයි.
සුව දුක් දුරු කිරිමෙන් පෙරම සොම්නස හා දොම්නස පහව යාමෙන් නොදුක් නොසුව උපේක්ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිව්වන ධ්‍යානයට පැමිණ වෙසෙයි.
මහණෙනි මෙය සම්මා සමාධිය යි කියනු ලැබේ.
Subscribe to:
Posts (Atom)